Friday, November 22, 2013

Collaborative learning in Internet



Collaborative learning in Internet
පරිඝණක සම්බන්ධ කරගෙන අන්තර්ජාලයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් අවස්ථා  සම්පාදනය කර ගැනීම Collaborative learning in Internet
යනුවෙන් හැදින්වීමට පුළුවන.මෙය එක් අයකුට දෙදෙනෙකුට හො කීප දෙනෙකුට එකතු වි කළහැකි ඉගෙනුම් ක්‍රියාවළියකි.
                                                        මෙ අනුව අන්තර්ජාලය හරහා ඉගෙනුම්    ක්‍රියාවළිය සිදුකිරීමේදි විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනු ලැබේ ඒ අනුව
1.    වීඩියො පට       2. රූප       3. අකුරු 4.දත්ත  5ශබ්ධ  ආදිය යොදා ගනුලබයි
                                              මේ අකාරයෙන් අන්තර්ජාලය භාවිත කරමින් අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට උත්සහා කිරිම නිසා අද වන විට අන්තර්ජාලය නිසා විශ්ව ගම්මානයක් බවට පත් වි ඇත
                                                                                               අන්තර්ජාලය හරහා ඉගෙනුම්    ක්‍රියාවළිය සිදුකරගත හැකි ක්‍රම කීපයක් පහත ආකාරයෙන් දැක්වීමට පුළුවන
1.    e-mail      2 .Forum    3.blogs  4. Skyps   ආදි වශයෙනි.
 
විද්‍යූත් තැපෑල  _e mail
                                            විද්‍යුත් තැපෑල හෙවත් e-mail මගින් ඉගෙනුම්-ඉගැන්වීම්    ක්‍රියාවළිය පහසු කරගැනීමට හැකියාවක් ඇත.ඒ අනුව දෙදෙනෙකුට හෝ වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමට විද්‍යුත් තැපෑල මගින් පුළුවන.
                                               සාමාන්‍ය තැපෑල මෙන් ලිපිනයක් අතැත් එය සාමාන්‍ය තැපෑලෙන් යවන ලිපි අදාළ ස්ථානයට පමනක් ගමන් කරයි.එහෙත් ඊමේල් ලිපිනය ඕනම අන්තර්ජාල සහිත පරිඝණකයක් මගින් විවෘත කළහැකි වීම විශේෂ දෙයකි. ඒ අනුව කිසිම මහන්සියකින් ‍තොරව විවෘත කර අදාළ පාඩම් එක් අයකුට හො කිහිප දෙනෙකු අතර හුවමාරු කර ගැනීමට ලැබීම මෙහි ඇති තවත් සුවිශේෂි දෙයකි.
                                                 සාමාන්‍ය නිවසකට ඇති ලිපිනයකට වඩා ලෝකයේ ඕනම තැනකදි විවෘත කළ හැකි නිසා අවශ්‍ය නම් බොහෝදෙනෙකු හට අදාළ පාඩම යැවිය හැකි මෙන්ම එය ඉතා ඉක්මනින් කළ හැකිදෙයක් වීම නිසාද   ඉගෙනුම්- ඉගැන්වීම් කාර්යට පිටුවහලක් වෙ
                                               එකම තොරතුරු කිහිප දෙනෙකුට යැවිය මෙය බහුමධ්‍ය භාවිත කර ද  අධ්‍යාපන ක්‍රියාවළිය සිදු කිරිමට හැකිය .ප්‍රධාන වශයෙන් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භවිතය තුළින් ඉගෙනුම පහසු කරයි. ඒ අනුව රූපමය ,ශබ්දමය, සහා ලිපිගොනු ,වීඩියෝ වශයෙන්ඉතාම සිත් ගන්නා අකාරයෙන් ඊමේල් තුළින් අධ්‍යාපන ක්‍රියාවළිය සිදුකළ හැකිය.

Blogs
               තනිව හෝ විශාල පිරිසකට එක් වි ඊමේල් ක්‍රමයට වඩා පුළුල් ලෙස අධ්‍යාපන ක්‍රියාවළිය කර ගැනීමටහැකි ක්‍රමයකි මෙය.ඒ අනුව මෙය වෙබ් අඩවියකි.වර්ල්ඩ් වයිඩ් වෙබ් යටතේ ඇති වෙබ් අඩවියකි. blogs ක්‍රමය.
                  මෙහිදි  Post ලෙස හැදින්වෙන ගොනු ආකාරයට අදාළ තොරතුරු හුවමාරු කරගෙන විශාල පිරිසකට ඉතා කාර්යක්ෂම හා ඵලදායි ආකාරයෙන් ඉගෙනුම්- ඉගැන්වීම්    ක්‍රියාවළිය සිදුකිරිමට හැකියාවක් ඇත.
                 HTML භාවිත කර blogs එකට තොරතුරු ඇතුළත් කිරීමට හැකි අතර ඒ තුළින් වගු,  පිංතූර  වචන ,ශබ්ද  වැනි ඕනම දෙයක් සාර්ථක ලෙස යොදා ගනිමින් තොරතුරු හුවමාරු කළ හැකිය.
                      මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ blogs එකක්භාවිත කිරිමට  ඊමේල් එකක් අවශ්‍ය වන අතර මෙ තුළින් එක් පුද්ගලයකුට අනෙක් අයගේ අදාළ වෙබ් අඩවි පරිශීලනය කිරීමේ හැකියාවක් ඇත. ඒ තුළින් තොරතුරු විශාල වශයෙන් ඔවුන් අර පහසුවෙන් හුවමාරු කරගත හැකි වන අතරම දවසේ ඕනම අවස්ථාවක ඒවා බැලීමට පුළුවන් සේම ඒවයේ අඩුපාඩු සකස් කිරීමට ද පුළුවන්කම තිබිම නිසා වඩාත් නිවැරදි මෙන්ම ඔව්නොවුන් අතර සම්බනධතාවද රැක ගැනීමට හැකියාවක් ලැබේ.

Collaborative learning in Internet වල වාසි
01.           ඉතා අඩු වියදමකින් හා අඩු කාලයකින් තොරතුරු හුවමාරු කිරීමට හැකිවීම.
02.           විශාල තොරතුරු ප්‍රමානයක් හුවමාරු කරගැනීමට හැකිවීම.
03.           නැවත නැවත බැලීමට හැකිවීම.
04.           ස්වයං ඉගෙනීමට හැකිවීම.
05.           ඉගෙනුම් -ඉගැන්වීම් ක්‍රියාවළිය ඉතා පහසුවෙන් කළහැකි වීම.


 Collaborative learning in Internet වල අවාසි
01.    පරිඝණක හා අන්තර්ජාල පහසුකම් නැති අයට භාවිත කිරිමට නොහැකි වීම
02.    තමාගේ තොරතුරු වෙනත් අය වැරදියට යොදා ගැනීම.
03.     අදාළ ක්ෂෙත්‍රය පිළිබද දැනුමක් අවශ්‍ය වීම.
04.     යම් පිරිවැයක් දැරිමට සිදුවීම.

පන්තිකාමරයට යොදා ගැනීම
01.           සිසුන්ගෙ කැමැත්තට අනුව පාඩම් සකස්කර ගැනීමට හැකිවීම.
02.           සිසුන්තුළ ආකර්ශණයක් ඇති කිරීමට පුළුවන් වීම.
03.           ශ්‍රව්‍ය-දෘශ්‍ය යන අංශ දෙකම භාවිතයට ගතහැකිවීම .
04.           ඕනම ප්‍රදේශයක, රටක සිටින අයට සජිවීව සම්බන්ධ වීමට හැකි වීම.
05.           ඒ ඒ වයස් කාණ්ඩවල සිටින අය සදහා ගැලපෙන ආකරයට පාඩම් ඉදිරිපත් කිරීමට හැකිවීම.
06.           විවිධ උපක්‍රම භාවිතය නිසා සිසුන් හට මතක තබා ගැනීමට හැකි වීම