Friday, November 22, 2013

Collaborative learning in Internet



Collaborative learning in Internet
පරිඝණක සම්බන්ධ කරගෙන අන්තර්ජාලයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් අවස්ථා  සම්පාදනය කර ගැනීම Collaborative learning in Internet
යනුවෙන් හැදින්වීමට පුළුවන.මෙය එක් අයකුට දෙදෙනෙකුට හො කීප දෙනෙකුට එකතු වි කළහැකි ඉගෙනුම් ක්‍රියාවළියකි.
                                                        මෙ අනුව අන්තර්ජාලය හරහා ඉගෙනුම්    ක්‍රියාවළිය සිදුකිරීමේදි විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනු ලැබේ ඒ අනුව
1.    වීඩියො පට       2. රූප       3. අකුරු 4.දත්ත  5ශබ්ධ  ආදිය යොදා ගනුලබයි
                                              මේ අකාරයෙන් අන්තර්ජාලය භාවිත කරමින් අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට උත්සහා කිරිම නිසා අද වන විට අන්තර්ජාලය නිසා විශ්ව ගම්මානයක් බවට පත් වි ඇත
                                                                                               අන්තර්ජාලය හරහා ඉගෙනුම්    ක්‍රියාවළිය සිදුකරගත හැකි ක්‍රම කීපයක් පහත ආකාරයෙන් දැක්වීමට පුළුවන
1.    e-mail      2 .Forum    3.blogs  4. Skyps   ආදි වශයෙනි.
 
විද්‍යූත් තැපෑල  _e mail
                                            විද්‍යුත් තැපෑල හෙවත් e-mail මගින් ඉගෙනුම්-ඉගැන්වීම්    ක්‍රියාවළිය පහසු කරගැනීමට හැකියාවක් ඇත.ඒ අනුව දෙදෙනෙකුට හෝ වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමට විද්‍යුත් තැපෑල මගින් පුළුවන.
                                               සාමාන්‍ය තැපෑල මෙන් ලිපිනයක් අතැත් එය සාමාන්‍ය තැපෑලෙන් යවන ලිපි අදාළ ස්ථානයට පමනක් ගමන් කරයි.එහෙත් ඊමේල් ලිපිනය ඕනම අන්තර්ජාල සහිත පරිඝණකයක් මගින් විවෘත කළහැකි වීම විශේෂ දෙයකි. ඒ අනුව කිසිම මහන්සියකින් ‍තොරව විවෘත කර අදාළ පාඩම් එක් අයකුට හො කිහිප දෙනෙකු අතර හුවමාරු කර ගැනීමට ලැබීම මෙහි ඇති තවත් සුවිශේෂි දෙයකි.
                                                 සාමාන්‍ය නිවසකට ඇති ලිපිනයකට වඩා ලෝකයේ ඕනම තැනකදි විවෘත කළ හැකි නිසා අවශ්‍ය නම් බොහෝදෙනෙකු හට අදාළ පාඩම යැවිය හැකි මෙන්ම එය ඉතා ඉක්මනින් කළ හැකිදෙයක් වීම නිසාද   ඉගෙනුම්- ඉගැන්වීම් කාර්යට පිටුවහලක් වෙ
                                               එකම තොරතුරු කිහිප දෙනෙකුට යැවිය මෙය බහුමධ්‍ය භාවිත කර ද  අධ්‍යාපන ක්‍රියාවළිය සිදු කිරිමට හැකිය .ප්‍රධාන වශයෙන් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භවිතය තුළින් ඉගෙනුම පහසු කරයි. ඒ අනුව රූපමය ,ශබ්දමය, සහා ලිපිගොනු ,වීඩියෝ වශයෙන්ඉතාම සිත් ගන්නා අකාරයෙන් ඊමේල් තුළින් අධ්‍යාපන ක්‍රියාවළිය සිදුකළ හැකිය.

Blogs
               තනිව හෝ විශාල පිරිසකට එක් වි ඊමේල් ක්‍රමයට වඩා පුළුල් ලෙස අධ්‍යාපන ක්‍රියාවළිය කර ගැනීමටහැකි ක්‍රමයකි මෙය.ඒ අනුව මෙය වෙබ් අඩවියකි.වර්ල්ඩ් වයිඩ් වෙබ් යටතේ ඇති වෙබ් අඩවියකි. blogs ක්‍රමය.
                  මෙහිදි  Post ලෙස හැදින්වෙන ගොනු ආකාරයට අදාළ තොරතුරු හුවමාරු කරගෙන විශාල පිරිසකට ඉතා කාර්යක්ෂම හා ඵලදායි ආකාරයෙන් ඉගෙනුම්- ඉගැන්වීම්    ක්‍රියාවළිය සිදුකිරිමට හැකියාවක් ඇත.
                 HTML භාවිත කර blogs එකට තොරතුරු ඇතුළත් කිරීමට හැකි අතර ඒ තුළින් වගු,  පිංතූර  වචන ,ශබ්ද  වැනි ඕනම දෙයක් සාර්ථක ලෙස යොදා ගනිමින් තොරතුරු හුවමාරු කළ හැකිය.
                      මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ blogs එකක්භාවිත කිරිමට  ඊමේල් එකක් අවශ්‍ය වන අතර මෙ තුළින් එක් පුද්ගලයකුට අනෙක් අයගේ අදාළ වෙබ් අඩවි පරිශීලනය කිරීමේ හැකියාවක් ඇත. ඒ තුළින් තොරතුරු විශාල වශයෙන් ඔවුන් අර පහසුවෙන් හුවමාරු කරගත හැකි වන අතරම දවසේ ඕනම අවස්ථාවක ඒවා බැලීමට පුළුවන් සේම ඒවයේ අඩුපාඩු සකස් කිරීමට ද පුළුවන්කම තිබිම නිසා වඩාත් නිවැරදි මෙන්ම ඔව්නොවුන් අතර සම්බනධතාවද රැක ගැනීමට හැකියාවක් ලැබේ.

Collaborative learning in Internet වල වාසි
01.           ඉතා අඩු වියදමකින් හා අඩු කාලයකින් තොරතුරු හුවමාරු කිරීමට හැකිවීම.
02.           විශාල තොරතුරු ප්‍රමානයක් හුවමාරු කරගැනීමට හැකිවීම.
03.           නැවත නැවත බැලීමට හැකිවීම.
04.           ස්වයං ඉගෙනීමට හැකිවීම.
05.           ඉගෙනුම් -ඉගැන්වීම් ක්‍රියාවළිය ඉතා පහසුවෙන් කළහැකි වීම.


 Collaborative learning in Internet වල අවාසි
01.    පරිඝණක හා අන්තර්ජාල පහසුකම් නැති අයට භාවිත කිරිමට නොහැකි වීම
02.    තමාගේ තොරතුරු වෙනත් අය වැරදියට යොදා ගැනීම.
03.     අදාළ ක්ෂෙත්‍රය පිළිබද දැනුමක් අවශ්‍ය වීම.
04.     යම් පිරිවැයක් දැරිමට සිදුවීම.

පන්තිකාමරයට යොදා ගැනීම
01.           සිසුන්ගෙ කැමැත්තට අනුව පාඩම් සකස්කර ගැනීමට හැකිවීම.
02.           සිසුන්තුළ ආකර්ශණයක් ඇති කිරීමට පුළුවන් වීම.
03.           ශ්‍රව්‍ය-දෘශ්‍ය යන අංශ දෙකම භාවිතයට ගතහැකිවීම .
04.           ඕනම ප්‍රදේශයක, රටක සිටින අයට සජිවීව සම්බන්ධ වීමට හැකි වීම.
05.           ඒ ඒ වයස් කාණ්ඩවල සිටින අය සදහා ගැලපෙන ආකරයට පාඩම් ඉදිරිපත් කිරීමට හැකිවීම.
06.           විවිධ උපක්‍රම භාවිතය නිසා සිසුන් හට මතක තබා ගැනීමට හැකි වීම        
             

                            


                                   

Monday, July 15, 2013


                          ව්‍යාපෘති සැකසුම
01  ව්‍යාපෘතියේ මාතෘකාව.
        සිසු තොරතුරු යාවත්කාළීන කිරීම
02  පසුබිම සහා විශේෂතාවයන්
                                 හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කලාපයේ හ/ගොඩවානගොඩ
කණිෂ්ට  විද්‍යාලය  මාගේ සේවා   ස්ථානය හෙව ත් ඉගැන්වීම්  කරන   පාසලයි.මා   මෙම විද්‍යාලයට පැමිණියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ අධ්‍යාපන කලාපයේ සිට 2011 මැද භාගයේ සිටය.   මෙම පාසලේ මා හට ඉගැන්වීම සදහා පැවරි ඇති විෂය වනුයේ බුද්ධ ධර්මය විෂයයි.    මීට අමතරව පැවරි ඇති විශේෂ වගකීමක් ලෙස උපදේශන විෂයද ක්‍රියාත්මක කිරීම ද වෙ.
                               තංගල්ල අධ්‍යාපන කලාපයේ ඇති මෙම පාසලේ දරු දැරියන් සියයට අනූවක් පමණ ධීවර කටයුතුවල යෙදෙන දෙමාපියන්ගෙ දරුවන් වීමද විශෙෂයක් වන්නෙ මා මීට පෙර එම පරිසරය තුළ සිටින ළමුන් හට ඉගැන්වීම් කටයුතු සිදුකර නොමැති නිසාය තවද මෙම දරුවන් නොයෙක් උපදේශන අවශ්‍යතා ඇති ළමුන් බව පෙනී ගියේ එකී විෂය භාරගෙන කටයුතු කිරීමට ආරම්භ කළ මුල් අවස්ථාවේදිමයි.මව/පියා මියයාම දරුවන් අත්හැර යාම , දරුවන්ට වැඩිහිටි රැකවරණය අහිමි වීම දරුවන්ට නිසි ආදරය අහිමිවීම දුප්පත්කම වැනි විශාල මානසික අව්‍යතාවයන් වලින් බහුතරයක් පෙලෙන බව මට පෙනී ගියේය.    
                              ඉහත සදහන් පරිසරයේදි සිසුන් පිළීබද තොරතුරු සෙවීමේදි මා හට විශාල ගැටළුකාරි තත්වයන්ට මුහුන දීමට සිදු විය. එනම් ඔව්න් පිළිබදව නිවැරදි තොරතුරු ලබා ගැනීමට  අවශ්‍ය ක්‍රමවේදයක් නොතිබීම.
                                                                මා විසින් අවශ්‍ය තොරතුරු සමහර දෙමාපියන්ගෙන්  හා ගුරුභවතුන්ගෙන් ලබා ගත්තද ඒවා නිවැරදි නොව්යෙ තොරතුරු ලබා දුන් අයගේ පෞද්ගලික අදහස් හා මතයද ඒ තුළ අන්තර්ගත වි අති බැවිනි.  ඒතුළින් ශෂ්‍යයන්ගෙ ගැටළු විසදීමට යාමේදි තවත් ගැටළු රාශියක් මතුවන බව අවබෝධ විය. එම තොරතුරු පරණ හා අපහැදිළි වීමද තවත් ගැටළුවකි.
                                                                        ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදි මා හට පෙනී ගිය කරුණක් වන්නේ සිසුන්ගෙ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මාගේ ගැටළුව අවම කර ගත හැකි බවයි. ඒ අනුව උපදේශනය විෂයට අවශ්‍ය මෙම ව්‍යපෘතිය තොරතුරු තාක්ෂණය විෂය හරහා සිදු කිරීම මාගේ අභිලාෂයයි
                          මෙහිදි විශේෂතාවන් කීපයක් සදහන් කිරීමට පුළුවන.එම විශේෂතාවයන්ගෙන්  ප්‍රධාන වන්නේ සි සු තොරතුරු පිළිබදව ඕනම අවස්ථාවකදි ලබා ගැනීමට හැකි වීමයි. එම අවස්ථා ලෙස ශෂ්‍ය-ශෂ්‍යාවන්ගෙ ගැටළු පැන නගින අවස්ථාවකදි ඔවුන් හදුනා ගැනීමටසහා පව්ල් පරිසරය පිළිබදව අවබෝධයක් ලබා ගැණීමට මෙම ව්‍යපෘතිය වැදගත් වේ
                                                   විශේෂ අවස්ථාවකදි (උපදේශනමය)හෝ කායික රෝගාබාදයකට ලක් වු විටකදි  අවශ්‍ය පුද්ගලයින්ට තොරතුරු ලබා දීමටඉන් හැකීයාව ලැබේ.
           විශේෂයෙන්ම මෙවැනි ව්‍යාපෘතියක් මීට පෙර පාසලේ කිසිවකු විසින් සිදු නොකර තිබීමද විශේෂතාවයකි. උපදේශන විෂයේදි පැන නගින විශාල ගැටළු ප්‍රමානයක් අවමකර ගැනීමට හැකි වීමද විශේෂතාවයකි.

03 ඉලක්කගත කණ්ඩායම
                                  මාගේ ව්‍යාපෘතිය සදහා ඉලක්කගත කණ්ඩායම වන්නේ අප විද්‍යලය කණිෂ්ට විද්‍යාලයක් බැවින් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවම ඒ සදහා යොදා ගැනීමයි. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 160කි.

04  ඉලක්ක හා අරමුණු
                                   01 යහපත් පාසල් පරිසරයක් ගොඩ නැගීම
                                   02 සිසුන්ගෙ මානසික සංවර්ධනය ඇති කිරීම.
                                   03සිසු තොරතුරු ක්‍රමවත්ව තබා ගැණීම.
                                   04 සිසු තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට හැකියාවක් ඇති කිරීම.
                                   05 උපදේශන විෂය ක්‍රියාත්මක කිරීමට පහසුවීම.
05 මෘදුකාංග  වර්ගය
                    තොරතුරු පද්ධතියක්
06 මාධ්‍ය
         සි  . ඩි
07 හැදින්වීම
 සිසු තොරතුරු යාවත්කාළීන කිරීමෙ මෙම ව්‍යාපෘතිය  පිළිබද හැදින්වීමේදි මෙමගින් මා බලාපොරොත්තු වන්නේ  හ/ගොඩවානගොඩ ක.විද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙ තොරතුරු පරිඝණක ගත කිරීමයි. ඇක්සස් යෙදවුම් මෘදූකාංගය භාවිත කිරීමෙන් තොරතුරු පද්ධතියක් සකස් කිරීමට . මා බලාපොරොත්තුවේ. එහිදි ශෂ්‍යාගේ සියලු තොරතුරු පරිඝණක ගතකොට එම ශෂ්‍යාට අදාළ රහස් අංකයක් භාවිතකර ඔහුගේ තොරතුරු ලබාගත හැකි ක්‍රමවේදයක් සක් කරනු ලබයි.
                                                               ඒ අනුව ශෂ්‍යයාගේ තොරතුරු ,මව/පියාගේ විස්තර,සහොදර, සහොදරියන්ගෙ විස්තර,පාසලේ ඔහු පිළීබද වාර්තා,නිවසට යන ගමන් මාර්ගය, විශේෂ රෝග පිළිබද,පව්ලේ වෙනත් අයට ඇති රෝග පිළිබදව, වෙනත් විස්තර සදහා ද ඉඩකඩ වෙන් කරනු ලබයි. ඉහතින් දැක්වූයේ මා විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන තොරතුරු පද්ධතියේ අඩංගු කිරීමට යෝදිත කරුණු කීපයක සාරංශයයි.
                    මෙම ව්‍යපෘතිය තුළින් නිවැරදි හා සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි ව්‍යාපෘතියක් සකස් කිරීමට බලාපොරොත්තු වෙමි.





 
Wm
l%§hd
lr
luz

wxl

Wm l%shdldrluz

කාල රාමුව
kshduk oÈYlh
j.l§u
fjk;a
fhdacs; ld,h
ජන
පෙබ
මාර්
අප්‍රේ
මැයි
ජූනි
ජූලි
අගෝ
සැත්
ඔක්
නෝවෙ
දෙසැ




01
ව්‍යපෘතියට අදාළ තොරතුරු
රැස් කිරීම
















02
ව්‍යපෘති යොජනාව සකස් කිරීම
















03
ව්‍යපෘති යොජනාව ඉදිරිපත් කිරීම
හා අනුමත කිරීම
















04
ව්‍යපෘතියට අදාළ කරුණු එකතු
කිරීම
















05
ව්‍යපෘතිය සකස් කිරීම
















06
ව්‍යපෘතිය ඉදිපත් කිරීම
















07
ව්‍යපෘතිය භාරදීම
















                                                                                                                   

 ආ.කේ නිසන්ත තිලකසිරි
 වීරකැටිය
ශිෂ්‍ය අංකය-389